2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

අලපෙති බැදුම එළවළු සලාද එක්ක ISSO එකෙන් ඉස්සො කමු

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 256

 

අපි අද ගොඩවන්නේ ඉස්සෝ ආහාර වෙනුවෙන්ම ප්‍රසිද්ධියක් තිබෙන තැනකටයි. Isso නම් මේ අවන්හල ආරම්භ කෙරුණේ 2016 වසරේදී වුණත් බොහෝ පාරිභෝගිකයන් අද මෙතැනට එන්නේ ගොඩක් කාලයක් තිස්සේ දැන හඳුනගෙන හිටි තැනකට එනවා වගෙයි. Isso වෙතින් පිළිගැන්වෙන ආහාර ගෙවන මුදලට හොඳ වටිනාකමක් රසයක් ලැබෙන තැනක්. 

ඔබ ඇණවුම් කරන ඉස්සෝ ආහාරයේ මිල ගණන් ඔබ තෝරාගන්නා ඉස්සන්ගේ විශාලත්වය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් large ප්‍රමාණයේ ඉස්සන් රුපියල් 900ටත් XL ඉස්සන් රු.1100ටත් XXL ප්‍රමාණයේ ඉස්සන් රුපියල් 1300කටත් පිළිගැන්වෙනවා. 

මෙතැනදී ඉස්සන් කෑමක් ඇණවුම් කිරීම සිදුවෙන්නේ පියවර තුනකිනුයි. පළමුවෙන්ම කළ යුත්තේ ඉස්සන්ෙග් ප්‍රමාණය තෝරාගැනීමයි. දෙවනුව ඉස්සන් හා පිළිගැන්වෙන සෙසු ආහාරය තෝරාගත හැකියි. එතැනදි අල පෙති බැදුමක් වගේම එළවළු සලාදයක් වුණත් හොඳින් ගැළපෙනවා. රෝස් පාන් පවා ඔවුන් ඉස්සන් සමඟ පිළිගන්වනවා. 
අමතක නොකළ යුතු තවත් දෙයක් තමයි මෙතැනදී Starters වශයෙන් ලබාදෙන ඉස්සො වඩේ, ඔවුන් එය හඳුන්වන්නෙ Pisso wade කියලයි. කොහොම වුණත් ගෝල්ෆේස් එ‍කේදී ලැබෙන ඉස්සෝ වඩේ එකට වඩා හොඳ රසයක් වගේම ප්‍රමාණයෙන් ලොකු ඉස්සෝ වඩේ තමයි Isso වෙතින් ලැබෙන්නෙ. 

ධනූ (ඩේලි මිරර් ලයිෆ්) 
සේයාරූ - You’re My Favorite

 

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00